මේ වනවිට ජල විදුලි ජනනය 15% ක් දක්වා පහළ ගොස් තිබේ.
බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23% ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
රන්දෙණිගල ධාරිතාව 8.1 % ක් දක්වාත්, වික්ටොරියා ජලාශයේ ධාරිතාව 27% ක් දක්වාත් මේ වනවිට පහළ ගොස් අවසන් ය.
සමනල වැව ජලාශයේ ධාරිතාවද සමස්ත ධාරිතාවයෙන් මේ වනවිට 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට විදුලි ඉල්ලුමෙන් 80% ක්ම සැපයෙන්නේ ගල් අඟුරු හා තාප විදුලියෙන් ය.
මේ අතර, මාස 6 ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.
While this country has so much sun light where can generate solar energy which can be generated energy why the government can not offer verylow interest loans to the public so that it will help the people generate solar power.