තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ව්‍යාපාරිකයෙක් අතුරුදන්

    ව්‍යාපාරිකයෙක් අතුරුදන්

    බැංකුවකින් මුදල් රැගෙන ඒමට යැයි කියා නිවසින් පිටත්ව ගිය ව්‍යාපාරිකයෙකු ඊයේ පෙරවරුවේ සිට ඇතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

    මෙම ව්‍යාපාරිකයා නිවසින් පිටත්ව ගිය වෑන් රථය අනිල්කන්ද සුසාන භූමිය ආසන්නයේ තිබී රාත්‍රී කාලයේදී පොලීසියට හමුවී ඇත.

    මෙසේ අතුරුදන්ව ඇත්තේ කොලොන්න පොලිස් වසමේ පිහිටි නෑදොල පාසල අසල පදිංචි සරත් කුමාර නැමැති තේ දළු ආශිත ව්‍යාපාරයක නිරත අයෙකි.

    මෙම ව්‍යාපාරිකයා ණය ගණුදෙනුවක් හේතුවෙන් අතුරුදන්වී සිටින්නේ දැයි සැකයක් පවතින බවත් මිරිස් කුඩු ගසා පැහැර ගැනීමක් හෝ වෙනත් අපරාධයක් සිදුවී ඇති බවට වූ මවා පෑමක් වෑන් රථය දමා යාමෙන් පෙන්නුම් කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව සිටින මෙම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන දෙකද පවතින්නේ අක්‍රියව බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img