fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPකවුරුත් එන්නැති.. කවුරුත් දන්නැති.. මල් පාරේ ආ කැමරන්

    කවුරුත් එන්නැති.. කවුරුත් දන්නැති.. මල් පාරේ ආ කැමරන්

    මෑතකදී සමාජය තුළ කතාබහට ලක්වූ සහ ලක්නොවූ සැබෑ සිදුවීම් දෙකක් අළලා සමාජයට දෙන අපූරු පණිවිඩයක් ඇති සටහනක් අපිට හමුවුණා.

    ඒ සටහන සිය සමාජ ජාල ගිණුමකින් මුදාහැර තිබුණේ ශානක මධුශාන් ලියනගම  විසින්.

    එම සටහන පහතින්.

    “අපේ හිතවත් මහත්තයෙක් ඉන්නවා. කළින් Emirates ගුවන් සේවයේ ඉංජිනේරුවෙක්. කොරෝනා වසංගතයත් එක්ක ඔහුගෙත් රැකියාව අහිමි වෙලා ලංකාවට ආවා. පස්සෙ වාහනයක් අරන් හයර් දුවන්න ගත්තා.

    මට නිතරම කියනවා ‘අනේ මිස්ටර් ශානක ඔයා වැදගත් Foreignersල ගොඩක් අඳුනවානේ. මට හයර් අල්ලලා දෙන්න. මම රටේ නම්බුවත් තියල පරිස්සමින් ඩිප්ලොමැටික් විදියට ඒව හැන්ඩ්ල් කරන්නම්.”

    මේ ළඟදි ලංකාවට පෞද්ගලික සංචාරයකට ආපු කැනඩා ආගමන නිලධාරීන් කිහිප දෙනෙකුටත් උන්නැහේගෙ වාහනේ සෙට් කරල දුන්නා. ඔවුන්ට හදිසියේ වෙන වැඩක් යෙදුන නිසා ඒ ගමන කල් ගියා.
    අපේ හිතවත් මහත්තයා ඉංජිනේරුවෙක් වුණාට දැන් ටැක්සි දුවන කෙනෙක්නේ. මම මුලින් ඔහුගේ ඉල්ලීමට ඒ තරම් ප්‍රතිචාර දැක්වූවෙ නැහැ.

    “බය වෙන්න එපා. කවුරු හරි ඇහුවොත් කැමරන් මහත්තයාගෙ ඩ්‍රයිවින් කළේ මමයි කියන්න” ඔහු කිව්වා.

    ඔය ගොඩක් අය VIP කියල සද්දෙ දාගෙන බෙර ගහගෙන මෙහෙට බහිනවා නේද? අරම මෙහෙම වුණා. පෝලිමේ හිටියා. ගණන් ගත්තෙ නෑ. ලංකාව ඉවරයි වගේ කතා ඇහෙනවා නේද?
    ඒත් ලෝක ප්‍රසිද්ධ මිනිස්සු ලංකාවට ඇවිත් විනෝද වෙලා පාඩුවේ යන බව අපි ඕනෑ තරම් දන්නවා.

    මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මීට ටික දවසකට කළින් එයාගෙ දරු මල්ලොත් එක්ක ලංකාවට ආවා. හිතවත් සුදු නෝනා කෙනෙකුගෙ මාර්ගයෙන් තමා හිටපු අගමැතිතුමාගෙ සංචාරයේ වගකීම යාළුවට පවරලා තියෙන්නෙ.

    හැබැයි කැමරන් මහත්තයා උණවටුනෙ, මිරිස්සෙ, සීගිරියෙ, උඩවලව, පින්නවල, තිරිකුණාමලේ ඔය හැම තැනම ඇවිද්දා. මූදෙ නෑවා. පෙට්ටි කඩවලින් කෑවා. කාලයක් පෘතුවිය මත සිටි බලවත්ම පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙක් වුණත් හරිම සරලයි. කොහෙදිවත් කිසිකෙනෙක් උන්නැහේව අඳුරගෙන නෑ. ඒ තරම් ලෝකයේ තතු විත්ති ගැන අපේ මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා.

    කැමරන් මහත්තයා අඳුරගත්ත එකම පුද්ගලයා ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරියා විතරයි කියලා එතුමා කියල තියෙනවා. සාමාන්‍ය මගියෙක් විදියට ලංකාවට ආපු මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිතුමා සාමාන්‍ය මඟියෙකු විදියටම ආපහු ගියා. Immigration එකේ පොඩ්ඩක් පෝලිමේ හිටිය කියල දහඅට සන්නිය නැටුවෙ නෑ.

    ඔහු ලංකාවෙ දවස් 20ක් ගත කළා. හැබැයි ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය නම් සිවිල් පිට ආරක්ෂාව දීල තියෙනවා. ආපහු එයාර්පෝර්ට් යන ගමන් පැය භාගෙකට ජනාධිපතිතුමා හම්බ වුණා.
    ලංකාවෙන් යද්දි අපේ ඉංජිනේරු ටැක්සි මහත්තයාට සෑහෙන්න ස්තුති කරලා තමයි කැමරන් මහත්තයා ගියේ.

    ඔක්කොම බදාගෙන අපට අතහැරීම ගැන දෙසන අයට සාදු කියලා මේක පෙන්නන්න…”

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.