fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කල්මුණේ උසාවියෙන් යතුරුපැදියක් ඉස්සූ කුඩ්ඩෙක් අත්අඩංගුවට

    කල්මුණේ උසාවියෙන් යතුරුපැදියක් ඉස්සූ කුඩ්ඩෙක් අත්අඩංගුවට

    කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබුණු යතුරුපැදියක් සොරාගෙන ගොස් පරිහරණයකරමින් සිටි අවුරුදු 18ක් වයසැති පෙදරේරුවෙකුව කල්මුණේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය පවසනුයේ මෙම සොරකම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු විසින් පැමිණිල්ල ඉදිරිපත්කර පැය කිහිපයක් ඇතුලත සැකකරු යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

    මෙම යතුරුපැදිය පසුගිය 2022 වසරේ අගොස්තු 18 වෙනිදා මත්කුඩු ප්‍රවාහනයකරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙක් සමඟ අත්අඩංගුවටගත් එකක් බවය. එම පුද්ගලයින් දෙදෙනා මේ වන විට ඇපමත සිටින බවත් යතුරුපැදිය අධිකරණ භාරයෙන් මුදා ගැනීමට ඒ එක් අයෙක් විසින් අභියාචනයක්ද ඉදිරිපත්කර ඇති බවය. යතුරු පැදියේ ලියාපදිංචි අයිතිය ඇත්තේ වෙනත් පුද්ගලයෙකුට වූ බැවින් ලියාපදිංචි අයිතිකරු නොමැතිව යතුරුපැදිය අධිකරණය මගින් මුදා හැර නැත.

    එබැවින් එම පුද්ගලයා ඔහු සතුව තිබුණු අමතර යතුරකින් පසුගිය අප්‍රේල් මාසයේ නෝම්බි අවුරුද්දට පෙර දින මහා දවාලයේ අධිකරණ පරීශ්‍රයට ගිය මෙම පුද්ගලයා යතුරුපැදිය පණගන්වාගෙන එය රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

    2022 වසරේ අගොස්තු 19 වෙනිදා සිට අධිකරණ භාරයේ තිබුණු මෙම යතුරුපැදිය පසුගිය අප්‍රේල් මාසයේදී සොරාගෙන ගොස් තිබුණද අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු ඒ බව දැනගෙන ඇත්තේ පසුගිය ජුනි 07 වෙනිදාය. ඒ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් කළ සංගණනයකදීය. යතුරුපැදියට වූ දේ ගැන මෙතෙක් කාලයක් සොයා බලා අවසානයේදී ඒ බව නඩුභාණ්ඩ භාරකරු විසින් පොලීසියට කර ඇත්තේ 05දාය.

    අවස්ථා කිහිපයකදීම යතුරුපැදිය මුදා ගැනීමට අදාල පුද්ගලයා පොලීසියටද පැමිණ උත්සහා දරා තිබුණු බැවින් සහ මෑතක සිට ඔහු ඒ ගැන නිහඩව සිටීම හේතුවෙන් කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට යම් සැකයක් ඇතිවී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත්කර ඇත්තේ එම පුද්ගලයාගේ නිවසට ගොස් පරීක්ෂාවක් කරන ලෙසය.

    ඒ අනුව කල්මුණේ පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් පෙරේදා සවස කල්මුණේ කුඩි හී පදිංචි සැකකරුගේ නිවසට යන විට යතුරුපැදිය නිවස ඉදිරිපිට නතරකර තිබී හමුවී ඇත. යතුරුපැදිය එහිදී සිය භාරයටගත් පොලිස් නිලධාරීන් අධිකරණයේ නඩු භාණ්ඩයක් සොරා ගැනීමට ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා අධිකරණ පරීිශ්‍රයට ගොස් යතුරුපැදිය පන ගන්වාගෙන පැමිණි බවය. පොලීසිය මෙන්ම අධිකරණයේ ආරක්ෂකයින්ද එම අවස්ථාවේදී අධිකරණ පරීිශ්‍රෙය් සිට ඇතත් කිසිවෙකුගේ පරීක්ෂාවකට ඔහුව ලක්ව නැති බවද අනාවරණය වී තිබේ.

    මෙම සැකකරුව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඔබේ අදහස් දක්වන්න.