තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙසෙල්වත්තේ කවී මරන්න ආ වෙඩික්කරුවන්ට යතුරුපැදිය දුන් දෙකක් අල්ලයි

    කෙසෙල්වත්තේ කවී මරන්න ආ වෙඩික්කරුවන්ට යතුරුපැදිය දුන් දෙකක් අල්ලයි

    කෙසෙල්වත්ත මාටිස් ලේන් හී හෝටලයක් තුළදී පසුගිය 30 වෙනිදා කවී නැමැති පාතාලයේ අපරාධකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් දෙදෙනා බ්‍රෝකර්වරුන් ලෙස කටයුතු කරන මරදානේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන්නන් බවත් වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබාදී ඇත්තේ මොවුන් දෙදෙනා බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ප

    මෙම සැකකරුවන් දෙදෙනාව කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට භාරදී ඇත. ඔවුන්ව අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img