කදානේ පදංචිව සිටින ඌරුමස් ව්‍යාපාරියකුගේ නිවසකට පසුගිය 04 වෙනිදා එල්ල කල වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
කදාන පොලිස් වසමේ ෆාතිමා මාවතේ සිදුකල වැටලීමකදී මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 350 ක් හා ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවටගත් මෙම සැකකරු අවුරුදු 26 ක් වයසැති අයෙකි.
මෙම සැකකරු වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රසික චමෝද් නොහොත් චූටි මල්ලි යන අයගේ සමීපතමයෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. චූටි මල්ලී විසින් මෙම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පමක් ඉල්ලා ඇති බවත් එම කප්පම නොදීම හේතුවෙන් වෙඩි තැබීම සිදුව ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.