ලෝකයේ සාගරවල මතුපිට උෂ්ණත්වය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම මට්ටමට පැමිණ තිබේ.
ගෝලීය සාමාන්‍ය දෛනික මුහුදු මතුපිට උෂ්ණත්වය (SST) මෙම සතියේ 20.96C ට ළඟා වී ඇත.
ඒ 2016 දී එම අගය වූ 20.95C හි වාර්තාව බිඳ දමමින් බව කොපර්නිකස් දේශගුණ ආකෘති නිර්මාණ සේවාව පවසයි.
සාමාන්‍යයෙන් සාගර ගෝලීය වශයෙන් වැඩිම උණුසුම් වන්නේ මාර්තුවේ මිස, අගෝස්තු මාසයේදී නොවේ.
එබැවින් එම සාගර මතුපිට උණුසුම පිළිබඳ වාර්තාව දිගටම බිඳ වැටෙනු ඇති බව විද්‍යාඥයින් අනාවැකි පළකර ඇත.
කොපර්නිකස් හි ආචාර්ය සමන්තා බර්ගස් පැවසුවේ, “අපි වාර්තාවේ දැක්ක දේ අනුව මට තියෙන ලොකුම චකිතය තමයි, දැන් සහ ලබන මාර්තුව දක්වා වන කාලයේදී සාගරය කෙතරම් උණුසුම් වෙයිද කියන එක” යනුවෙනි.
එල් නිනෝ කාලගුණික සංසිද්ධිය මගින් වර්තමානයේ උෂ්ණත්වය අර්ධ වශයෙන් මෙහෙයවන බව පෙනී යන බව ඔවුහු පෙන්වා දෙති.
2016 ද එල් නිනෝ වසරක් විය.
කෙසේ වෙතත්, දේශගුණික බිඳවැටීම් සහ උණුසුම් වායුගෝලය හේතුවෙන් මෙම කාලගුණ රටාවන් සමහර විට උග්‍ර විය හැකිය.
පොසිල ඉන්ධන දහනය කිරීමෙන් සිදුවන දේශගුණික බිඳවැටීමද සාගර උණුසුම් වීමට හේතු වන බව විශේෂඥයෝ අවධාරණය කරති.
“අපි වැඩි වැඩියෙන් පොසිල ඉන්ධන දහනය කරන තරමට අතිරික්ත තාපය සාගර මගින් පිටතට ගෙන යනු ඇත, එයින් අදහස් කරන්නේ ඒවා ස්ථාවර කර නැවත තිබූ ස්ථානයට ගෙන ඒමට වැඩි කාලයක් ගතවනු ඇති බවයි, ”බර්ජස් පැවසීය.
මෙම සතියේ, බ්‍රිතාන්‍ය අගමැති, රිෂි සුනාක්, දේශගුණික විශේෂඥයින්ගේ උපදෙස් නොතකා, උතුරු මුහුදේ නව තෙල් සහ ගෑස් බලපත්‍ර 100කට වැඩි ප්‍රමාණයක් නිකුත් කළේය.