fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අක්‍රිය මැෂින් රෙපෙයාර් කළත් වැඩකරන්න විකිරණවේදීන් නෑ

    අක්‍රිය මැෂින් රෙපෙයාර් කළත් වැඩකරන්න විකිරණවේදීන් නෑ

    දැනට අක්‍රීය වී ඇති CT, PET හා MRI ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා කළ ද එහි සේවා සිදු කිරීමට කාර්ය මණ්ඩලය නොමැති තත්ත්වයක් මතුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

    මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400 ක පමණ හිඟයක් පවතින බවද එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.