තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියක දූෂණය කළ කොස්තාපල් අත්අඩංගුවට

    දැරියක දූෂණය කළ කොස්තාපල් අත්අඩංගුවට

    අගලවත්ත උඩවෙල පිහිටි ලැගුම්හලකදී 14 හැවිරිදි බාලවයස්කාරියක් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් මතුගම පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    2022 වසරේ ඔක්තෝබර් මාසයේ දිනකදී මෙම අපරාධය සිදුව ඇති බව ළමා හා කාන්තා කර්යාංශය සඳහන් කරයි.

    මෙම නිලධාරියා පස්සර ගෝනගල පදිංචිකරුවෙකි. මෑතකදී පොලීසියට එක්ව ඇති මෙම නිලධාරියා බාලවයස්කාරිය සමඟ පෙම් සම්බන්ධයක් ඇතිකරගෙන සිට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය ඔහු විසින් සිදුකර ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    අවුරුදු 16ට අඩු දැරිවියන් සමඟ කැමැත්තෙන් එකට සිටියත් නීතිය හමුවේ එය වරදක් වන බැවින් මෙම නිලධාරියාව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙත් සඳහන් කළේය. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කළ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img