ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර, ශීතකරණයක සෙල්සියස් 2-5 අතර ගබඩා කරන්නේ නම් මාස 3ක කාලයක් තබාගත හැකි බව නිෂ්පාදන සමාගම සඳහන් කර තිබේ.
ඒ බව බිත්තර ඇසුරුමේ ද සදහන් කර ඇත.
එමෙන්ම කාමර උෂ්ණත්වයේ තබන්නේ නම් උපරිම දින 4 ක කාලයක් ආනයනික බිත්තර තබා ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.
තවමත් මේ බිත්තර විකිණීම සදහා සීමාවක් පනවා නොමැත.
එබැවින් රුපියල් 35ක මිලකට ඕනෑම අයකුට ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව පවතී.
නමුත් වෙළඳපලේ දේශීය බිත්තරයක මිල තවමත් පවතින්නේ රුපියල් 50 -60 අතර මිලකට ය.
එබැවින් බොහෝ විට ඉහත වාසිය කූට වෙළෙඳුන් විසින් ලබාගන්නා බව පාරිභෝගිකයන් ඇතැමෙක් මැසිවිලි නඟති.
එනම් සතොසේ ඇති බිත්තර රුපියල් 35 කට මිලදීගෙන අධික මිලකට විකිණීම සදහා බිත්තරවල සලකුණු මකාදමා සාමාන්‍ය බිත්තර සේ විකිණීමට කටයුතු කරන බවට ය.
එහිදී කිසිදු උෂ්ණත්වය නියාමනයක් සිදුනොවන බැවින් එනම් සාමාන්‍ය උෂ්ණත්වයේ කූණුවීමට ආසන්න බිත්තර වෙනත් වෙළෙඳසල්වලින් නොදැනුවත්වම මිලදී ගැනීමට සිදුවීමේ අවදානමක් පවතී.
එබැවින් සතොසින් නියමිත උෂ්ණත්වයේ දීම බිත්තර මිලදී ගැනීමට උත්සහ ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිහිපත් කර සිටී.