තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙසෙල්වත්තේ බීමතින් යකා නැටූ පොලීසියේ 3කට වූ දේ..

    කෙසෙල්වත්තේ බීමතින් යකා නැටූ පොලීසියේ 3කට වූ දේ..

    කොළඹ කෙසෙල්වත්තේ දී බීමතින් පුද්ගලයෙකුට පහරදෙමින් කලහාකාරී ලෙස හැසුරුණු පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    කෙසෙල්වත්ත අක්බාර් පටුමගේදී මෙම පොලිස් නිලධාරීන් තිදෙනා පුද්ගලයෙකුව බිම දමාගෙන පාගමින් පහරදී ඇත්තේ අසභ්‍ය ලෙස හැසිරෙමිනි.

    කෙලින් කටින් ඉන්නට බැරි තරමට වෙරිවී සිටි මෙම පොලිස් නිලධාරීන් තිදෙනාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන් ආධුනික පොලිස් නිලධාරීන් බවය.

    මෙම නිලධාරීන්ව පාලනය කිරීමට කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන්ට දැඩි පරීශ්‍රමයක්ද දැරීමට සිදුව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img