දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම්වල රුපියල් බිලියන 12.2ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බැවින් ඒ පිළබඳ විමර්ශන සිදුකරන බවද නීතිපතිවරයා මෙහිදී දැනුම් දී ඇත.
ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.