උසස් පෙළ විභාගයේ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි.
මෙමගින් උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතය.
පළාත් මට්ටමින් මේ යටතේ බඳවා ගන්නා පිරිස 5450 කි.
අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපධිදාරීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරේ.