තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙවන -තෙවන වාරවල පාසල් කැලැන්ඩරය ප්‍රකාශයට පත්කෙරේ

    දෙවන -තෙවන වාරවල පාසල් කැලැන්ඩරය ප්‍රකාශයට පත්කෙරේ

    මේ වසරේ දෙවන සහ තුන්වන වාර සඳහා පාසල් දින දර්ශනය, විභාග දිනයන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.

    ඒ අනුව පාසල් නිවාඩුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා පැවැත්වේ. පන්ති අගෝස්තු 28 සිට ආරම්භ වන අතර ඔක්තෝබර් 27 දක්වා පැවැත්වේ.

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් 15 (ඉරිදා) පැවැත්වීමට නියමිතය.

    පාසල ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ වන අතර නොවැම්බර් 24 දක්වා දීර්ඝ කෙරේ. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා පාසල් නිවාඩුව බලපැවැත්වේ.

    අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගය ලබන නොවැම්බර් 27 සහ දෙසැම්බර් 21 අතර පැවැත්වීමට නියමිතය.

    තෙවන පාසල් වාරයේ අවසන් අදියර 2024 ජනවාරි 1 වන දින ආරම්භ වන අතර පෙබරවාරි 16 දිනෙන් අවසන් වේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලුම පිරිවෙන් සහ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් ඇතුළු විවිධ අධ්‍යාපන බලධාරීන් වෙත නිල චක්‍රලේඛයක් මගින් මෙම තොරතුරු දැනුම් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img