තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ඉන්ධන එද්දී තෙල් සූත්‍රය හැදෙන හැටි

    චීන ඉන්ධන එද්දී තෙල් සූත්‍රය හැදෙන හැටි

    ලබන මස මුල් සතිය වනවිට චීනයේ සයිනොපෙක් සමාගමෙන් ලැබෙන පළමු ඉන්ධන තොග ඇනවුම මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.

    සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

    රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img