තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරිඟු පිටි මිල ඉහළ යයි

    තිරිඟු පිටි මිල ඉහළ යයි

    රුසියාව විසින් කළු මුහුද ඔස්සේ යුක්‍රේන වාරයාන් වෙත ලඟා වන නැව් වෙත අනතුරු ඇඟවීමක් කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොලේ තිරිගු මිල සීඝ්‍රෙයන් ඉහළ ගොස් තිබේ.

    පසුගිදා ක්‍රිමියා පාලම එල්ලවූ ප්‍රහාරය යුක්‍රේනය විසින් සිය ඩ්‍රෝන යොදාගෙන සිදුකරන ලද්දක් බවට රුසියානු රජය විසින් චෝදනා කිරීමත් සමඟ කළු මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.
    මෙම තත්ත්වයත් සමඟ රුසියානු රජය විසින් කළු මුහුදේ යුක්‍රේන වාරයාන් වෙත ගමන් කරණ නෞකාවන් යුක්‍රේනයට යුධ උපකරණ රැගෙන යන නෞකා බවට සළකන බවට ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව කළු මුහුදේ යුක්‍රේනයට දෙසට ගමන් කරණ සියලුම යාත්‍රා හමුදා ඉල්ක්ක බවට සලකිමින් කටයුතු කරන බවටද රුසියාව ප්‍රකාශ කළේය.

    කළු මුහුද හරහා ධාන්‍ය නැව්ගත කිරීම සඳහා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කරන එක්සත් ජාතීන්ගේ ගනුදෙනුවෙන් මොස්කව් සඳුදා ඉවත් වීමෙන් අනතුරුව රුසියානු රජය මෙලස අදාල කළාපයේ ගමන් කරන යාත්‍රා සහ නෞකා යුද ඉලක්ක ලෙස සලකන බවට ප්‍රකාශ කර තිබිණි.

    මේ අතර ධවල මන්දිර ප්‍රකාශක ඇඩම් හොජ් ප්‍රකාශ කළේ රුසියාව සිවිල් නැව්වලට පහර දී යුක්රේනයට දොස් පැවරීමට සැලසුම් කරන බවයි. ඒ අනුව රුසියාව යුක්රේන වරායන් වෙත ප්‍රවේශ වීමේදී තවත් මුහුදු බෝම්බ දමා ඇති බවයි.

    එමෙන්ම රුසියාවේ මෙම තීරණයත් සමඟම යුරෝපීය කොටස් හුවමාරුවේ තිරිඟු මිල පෙර දිනට වඩා බදාදා දිනයේදී සියයට 8.2 කින් ඉහළ ගිය අතර ඒ අනුව ටොන් එකක මිල යුරෝ 253.75 දක්වා ඉහළ ගිය අතර බඩ ඉරිඟු මිලද සියයට 5.4කින් ඉහළ ගියේය. මේ අතර එක්සත් ජනපදයේද තිරිඟු මිල සියයට 8.5 කින් ඉහළ ගියේය.

    මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ තම ඉල්ලීම් ඉටු වුවහොත් ජාත්‍යන්තර ධාන්‍ය ගිවිසුමට වහාම ආපසු පැමිණෙන බවයි. ඒ අනුව ඔහු විසින් රුසියානු ධාන්‍ය සහ පොහොර අලෙවිය සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ රුසියාවේ කෘෂිකාර්මික බැංකුව ගෝලීය ගෙවීම් පද්ධතියකට නැවත සම්බන්ධ කිරීමට ඉල්ලා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img