fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිදුරු වූ ඔරුවේ නැගී නෙළුම් ඇට කඩන්න ගිහින් දියේ ගිලී තරුණයෙක් මරුට

    සිදුරු වූ ඔරුවේ නැගී නෙළුම් ඇට කඩන්න ගිහින් දියේ ගිලී තරුණයෙක් මරුට

    මුලතිව් තාමරකුලම් වැවේ නෙළුම් ඇට කැඩීමට සිදුරු වූ ඔරුවකින් තරුණයින් දෙදෙනෙක් ඊයේ දහවල් ගමන්කර ඇත.

    එහිදි සිදුර තුළින් ඔරුවට ජලය කාන්දු වී වැව මැදදී එහි සිටි තරුණයින් දෙදෙනාද සමඟ ඔරුව දියේ ගිලී ඇත.

    එක් තරුණයෙක් පිහිනා ගොඩබිමට ආවත් අනෙත් තරුණයා දියේ ගිලී මියගොස් තිබේ.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ මුලතිව් සිලාවතේ පදිංචිව සිටි කුමාරදේවන් ටිලේෂ්වරන් (22) නැමැති තරුණයාය.

    ඔබේ අදහස් දක්වන්න.