තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යතුරුපැදිවලින් වැඩ දැමූ තරුණයින් 16ක් යතුරුපැදිත් එක්ක කඩුවෙල පොලීසිය අල්ලයි

    යතුරුපැදිවලින් වැඩ දැමූ තරුණයින් 16ක් යතුරුපැදිත් එක්ක කඩුවෙල පොලීසිය අල්ලයි

    කඩුවෙල වැලිවිට වැව පාරේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි 16ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    වැලිවිට වැව පාරේ තරුණයින් පිරිසක් රැස්වී මහජනතාවද අපහසුතාවට පත්වන ලෙස අපරික්ෂාකාරීව යතුරුපැදි ධාවනය තරග පැවැත්වෙන බවට කඩුවෙල පොලීසියට ඊයේ (16) රාත්‍රී කාලයේ ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත.

    පොලිස් නිලධාරීන් එහි යන විටත් තනි රෝදයෙන් යතුරුපැදි ඔසවාගෙන සහ ආරක්ෂක හිස් වැසුම් නොමැතිව විවිධ ධාවන තරග පවත්වමින් තිබී ඇත.

    පොලිස් නිලධාරීන් එහි ගොස් මෙම යතුරුපැදිකරුවන්ට එය නතරකරන ලෙස සංඥාකල විට ඔවුන් පොලිස් අන නොතකා පළාගොස් තිබේ.

    මෙහිදී පොලිස් නිලධාරීන් ඔවුන් පස්සේ හඹාගොස් යතුරුපැදි 16ක් එහි පැදිකරුවන්ද සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

    මෙම පැදිකරුවන් වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ, මාලබේ සහ කැලණිමුල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 26ත් අතර පසුවන්නන් බව පොලීසිය කියයි.

    මෙම සැකකරුවන්ට එරෙහිව රථවාහන පනතේ විධිවිධාන යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙට (18) ඔවුන්ට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img