තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාභයගේ නිවස ඉදිරිපිට විරෝධතා කළ තිදෙනෙකුගේ පෙත්සමට ලැබුණු උසාවි තීන්දුව

    ගෝඨාභයගේ නිවස ඉදිරිපිට විරෝධතා කළ තිදෙනෙකුගේ පෙත්සමට ලැබුණු උසාවි තීන්දුව

    උද්ඝෝෂණයක් අතරතුරදී අත්අඩංගුවට ගත් තිදෙනෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කර තිබේ.

    ඉකුත් වසරේ මාර්තු 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුර දී අත්අඩංගුවට ගත් තිදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    පොලීසිය විසින් උද්ඝෝෂණය අතරතුරදී තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඔවුන් එම පෙත්සම් ඉදිරිපත්කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img