තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් පෙම්වතීගේ ළැම ලෝකෙටම පෙන්නූ මත්ද්‍රව්‍ය ඇබ්බැහි පොලිස් පෙම්වතා අත්අඩංගුවට

    පොලිස් පෙම්වතීගේ ළැම ලෝකෙටම පෙන්නූ මත්ද්‍රව්‍ය ඇබ්බැහි පොලිස් පෙම්වතා අත්අඩංගුවට

    වීඩියෝ දුරකථන ඇමතුමක් අතරතුරදී සිය පොලිස් පෙම්වතියට ළැම පෙන්වන්නැයි කියා පටිගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පෙරේදා (15) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පොලිස් කොස්පතාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බවද ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් වූයේ මෙම සිදුවීම වී ඇත්තේ පොලිස් නිල ඇදුමින් සැරසී සිටියදී වීම නිසා ය.

    එම සිදුවීම 2022 වසරේ අගෝස්තු 12 වෙනිදා හෝ ඒ ආසන්න දිනයකදී සිදුවූවකි. එකල ඇය සේවයේ නිරතව සිට ඇත්තේ මිලලනිය පොලිස් ස්ථානයට අනුයුක්තවය. ඇය පවසන්නේ මිල්ලනිය පොලීසියේ කාන්තා භට නිවාසයේදී එම සිදුවීම වූ බවය.

    අනතුරුව දෙදෙනා විටෙන් විට හමුවී ඇත. ඒ හැම දෙයක්ම මෙම නිලධාරියා විසින් රහසිගතව වීඩියෝගත කරගෙන සිට ඇත.

    මෙම නිලධාරියාගේ ඇතැම් හැසිරීම් ගැන කලකිරී නිලධාරිනිය ඔහුව අතහැර දැමීමෙන් පසු මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමට පටන්ගෙන තිබෙන බව කියැවේ.

    තමාගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන බව මෙම නිලධාරිනිය දැන ගන්නේ පසුගිය 06 වෙනිදාය. ඇය මේ ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ක්ද 07 වෙනිදා කර තිබේ. ඒ අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

    ඇය විසින් පොලිස් නිල ඇදුුමින් ළැම පෙන්වීම මුල්කරගෙන මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඇයට විනය පරීක්ෂණයක් පවත්වා, ඇගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img