තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයිස් බෙදමින් ගිය සූපවේදියා කොටු

    අයිස් බෙදමින් ගිය සූපවේදියා කොටු

    ඩුබායි හී රැදී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුට අයත් බව කියන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් බෙදා හැරීමට රැගෙන යමින් සිටි සූපවේදියෙක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වත්තල කුඩා ඒදණ්ඩ ප්‍රදේශයේ කල වැටලීමකදී ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබුණු අයිස් ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 900ක් සමඟ මෙම සැකකරු සමඟ ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    සූපවේදියාත් ත්‍රීරෝද රථයේ රියදුරුත් හැදල වත්තල පදිංචිකරුවන්ය. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් දෙදෙනාව වත්තල පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img