තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලගල කන්දෙන් වැටුණු ඩෙන්මාර්ක් කතගේ සිරුරට වී ඇති දේ..

    අලගල කන්දෙන් වැටුණු ඩෙන්මාර්ක් කතගේ සිරුරට වී ඇති දේ..

    අලගලකන්ද තරණය කිරීමට ගොස් සිටියදී අනතුරකට ලක්ව කන්ද උඩ සිට බිමට වැටී මිය ගියේ යැයි අනුමාන කරන ඩෙන්මාක් කතගේ සිරුර හමුවන විටත් එය නරක් වෙමින් තිබී ඇත.

    ඇගේ සිරුර ඊයේ හමුුවන්නේ කන්ද පාමුල කැලෑවට ගිය ස්ථානයක මුහුණ බිමට හිටින සේ වැටී තිබියදීය. සිරුරේ නරක් වීමට පටන්ගෙන තිබී ඇත්තේ මුහුණ කොටසය.

    ඒ අනුව මෙම මරණය බොහෝ විට සිදුව ඇත්තේ ඇය මහනුවර හෝටලයේ සිට කන්ද තරණය කිරීමට ගිය බව සඳහන් වූ 10 වෙනිදාම බව සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම ප්‍රදේශයේ ඇති ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් සිරුර ඉක්මනින්ම නරක් වී නොමැති බවද එම නිලධාරියා කීය.

    ඇගේ මරණයට හේතුව දැන ගැනීමට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමුකළ යුතුව ඇති බවත් ඒ සඳහා දේහය හදුනා ගැනීමට පවුලේ ඥාතීන් ඩෙන්මාකයේ සිට පැමිණෙන තුරු බලා සිටීමට සිදුවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

    මෙසේ මරණයට පත්වන්නේ Karen Munk නැමැති 32 හැවිරිදි කාන්තාවයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img