තවත්
    මුල් පිටුවදේශීය පුවත්සතුන්ට ඇටවූ විදුලි උගුලෙන් බහු කාර් ය නිල ධාරියා මාරයාට අතවනයි

    සතුන්ට ඇටවූ විදුලි උගුලෙන් බහු කාර් ය නිල ධාරියා මාරයාට අතවනයි

    සතුන් දඩයම් කිරීමට අටවන ලද විදුලි උගුලකට හසුවී නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත බුහුකාර් ය නිලධාරියෙක් මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ නිවිතිගල කලවාන පාරේ පදිංචිව සිටි බී.ඒ.කේ. ඔබේසේකර (35)ය.

    සිය නිවස අසල සතුන් දඩයම් කිරීමට ඔහු සිය සහෝදරයා සමඟ එක්ව මෙම විදුලි උගුල අටවා ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඒ අනුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාව නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 39ක් වයසැති අයෙකි.

    සති දෙකක කාලයක් තිස්සේ රාත්‍රී කාලයට මොවුන් දෙදෙනා අනවසරයෙන් විදුලිය ලබාගෙන සතුන් දඩයම් කිරීමට විදුලි උගුල් අටවා ඇති බවත් අවසානයේදී සතුන් වෙනුවට එම උගුලට හසුවී මිය යන්නේ උගුල ඇටවූ පුද්ගලයාම බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img