තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කලා විෂය උගත් අයටත් හෙද වරම් -නීති හදන්නැයි ජනපති කියයි

    කලා විෂය උගත් අයටත් හෙද වරම් -නීති හදන්නැයි ජනපති කියයි

    හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන්ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.

    ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පවසා තිබේ.

    මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු සම්බන්ධව පැවති සාකච්ඡාදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවන බව එහිදී අවධාරණය කෙරිණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img