සිය දරුවා පාසලට ඇරලවා කැබ් රථයකින් නිවස වෙත ගමන් කරමින් සිටි දුනුමාල සරත් නැමැති පුද්ගලයාට කිසියම් පිරිසක් විසින් අද උදෑසන ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනයකර තිබේ.
ගලපිටමඩ දුනුමාල හන්දියේදී මෙසේ වෙඩි තබා ඝාතනයකර ඇත්තේ දුනුමාල ප්රදේශයේම පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා නේවි රුවන් නැමැති පාතාල අපරාධකරු සමඟ ඉතා කිට්ටුවෙන් සිටි අයෙක් බව පොලීසිය කියයි.
2015 වසරේදී නිවසකට පැන පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගම්පහ අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් ඇතැයි පොලීසිය කියයි.
නීති විරෝධි මත්පැන් ජාවාරමකටද සම්බන්ධ පුද්ගලයෙක් වන මෙම පුද්ගලයාට වෙඩි තබා මරා දැමුවේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත.