සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වෙමින් වසර 05ක සිරදඩුවමක් ලබමින් සිටි සිරකරුවෙක් පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරයෙන් පෙරේදා (13) සවස පළාගොස් ඇත.
එළිමහන් සිරකඳවුරේ රදවා සිටි ඔහු පළාගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැනගෙන ඇත්තේ සවස සිරකරුවන්ව සිර මැදිරිවලට යොමු කිරීමේදීය.
බන්ධනාගාරයේ හැම අස්සක් මුල්ලකම ඔහුව සොයා බලා සොයා ගැනීමට නොහැකි වූ තැන ඒ ගැන පල්ලෙකැලේ පොලීසියට බන්ධනාගාර බලධාරීන් විසින් පැමිණිලිකර තිබේ.
මෙසේ පළාගොස් ඇත්තේ නිකවැරටිය දන්තුඩාව පදිචිකරුවෙක් වන තිලක් කුමාර නොහොත් ලපයා යන සිරකරුය.