තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අවිචාරවත් භික්ෂුන්ගේ ගස් පැවිදි කරන විගඩමෙන් ශාසනික සම්ප්‍රදාය හෑල්ලු වුණා"

    “අවිචාරවත් භික්ෂුන්ගේ ගස් පැවිදි කරන විගඩමෙන් ශාසනික සම්ප්‍රදාය හෑල්ලු වුණා”

    -හෑගොඩ විපස්සි හිමි

     

    අපේ රටේ අවිචාරවත් භික්ෂුන් විසින් ගස් පැවිදි කිරිම වැනි විගඩම් කිරිම නිසා ශාසනික සම්ප්‍රදායන් හෑල්ලුවි ගිය බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

    මෑතකදි ගලවා ඉවත්කරනලද පඬුකරඳ ගස පවා පැවිදි කරනවා යැයි විගඩමක් කළ බවත්,එම ගස ඉවත් කිරිමෙන් පසු සමාජ මාධ්‍යයෙන් ගස් පැවිදි කිරිම යන්න හාස්‍යයට ලක්කර ඇති බවත් විපස්සි හිමියෝ පවසති.

    මේ විකාරවලට මූලිකම හේතුව වි ඇත්තේ එවන් භික්ෂුන්ට ධර්ම විනය හා ශාසනික සම්ප්‍රදාය ගැන අවබෝධයක් නැතිවීම බවත් උන් වහන්සේ කියති.

    “ගස් පැවිදි කිරිමක් ගැන සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකයේ කොහේවත් නැහැ. වෙනත් රටක සිදුකරනවා යැයි කියමින් ශාසනික සම්ප්‍රදායට නොගැලපෙන ගස් පැවිදි කිරිම වැනි අදූරදර්ශි ක්‍රියාමාර්ග ගැනීම නිසා විශාල හානියක් සිදුවුණා. මෙවන් අවිචාරවත් වැඩ කරන්න එපා කියලා මීට පෙර කීප වතාවක්ම මම කියා තිබෙනවා. භික්ෂුව ධර්මය පිළිපදිනවා වෙනුවට සමාජය අදහන්නට යෑම නිසා දිනෙන් දිනම විනාශය කරා යෑම වැළැක්විය නොහැකියි” යැයිද හෑගොඩ විපස්සි හිමියෝ කියති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img