fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාත්‍යන්තර පාසල් නියාමනයට වෙනම ඒකකයක්

    ජාත්‍යන්තර පාසල් නියාමනයට වෙනම ඒකකයක්

    සියලුම ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා ජාතික අධ්‍යාපන කොමිසම යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “පෞද්ගලික පාසල් වර්ග දෙකක් තියෙනවා. රජයේ ආධාර ලබන පාසල්. එතකොට රජය මඟින් සම්පුර්ණ නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරුවරුන්ගේ වැටුප රජයෙන් ලබාදෙන්නේ. පෞද්ගලික පාසල්වලත් අපිට යොමුකරන සියලුදෙනාගේ පුහුණුව අපි ලබාදෙනවා. රජයේ ආධාර නොලබන පාසල් තියෙනවා සම්පුර්ණයෙන්ම පෞද්ගලික හැටියට. ඒවා ඒ ආයතන මඟින් ඒවා පාලනය වෙනවා. හැබැයි ඒ අයගේ යම් පැමිණිල්ලක් ආවොත් අපි පුද්ගලික අංශය මඟින් පරීක්ෂා කරලා ඒ සඳහා අවශ්‍ය පිළියම් අපි යොදනවා. ඊළඟ කොටස තමා ජාත්‍යන්තර පාසල්. රට පුරා 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ තමා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ. මොකද ඒ සියල්ල ලියාපදිංචි වෙලා තියෙන්නේ සමාගම් පනත යටතේ. ඒ නිසා දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි කොමිසමට අරන් ඒ ජාත්‍යන්තර පාසල් නියාමනයට අවශ්‍ය ඒකකයක් පිහිටුවන්න අපි කටයුතු කරනවා.” යැයිද සඳහන් කළේය

    ඔබේ අදහස් දක්වන්න.