fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් පැන්න තවත් පිරිසක් කොටුවේ

    කොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් පැන්න තවත් පිරිසක් කොටුවේ

    යුද සමයේ ඉන්දියාවට පළාගොස් තමිල්නාඩුවේ සරණාගත කදවුරක වසර 13 ක් තිස්සේ ජීවත්වූ ශ්‍රී ලාංකීය පවුලක් ඉන්දියාව පුරා පැතිර යන කොවිඩ් වෛරසයට බියෙන් හොර රහසේ බෝට්ටුවකින් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් හී පිහිටි නිවසේ රැදී සිටියදී පොලීසිය අත්අඩංගුවට තිබේ.

    කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක් ඒ අය අතර සිටින බව පොලීසිය කියයි. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (12) ය. ඒ අය අතර 61 වියැති මවක් එම මවගේ 34 වියැති දියණිය සහ එම දියණියගේ වයස අවුරුදු 09 ත් 05 අතර වයස්වල පසුවන දියණිවරුන් දෙදෙනක් සිටින බව පොලීසිය සදහන් කරයි.

    ඉකුත් 06 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ ඉන්දියානු ධිවර යාත්‍රාවකට සිය සැමියා තමාවත් දරුවන් දෙදෙනාත් මවත් ගොඩ කළ බව 34 වියැති කාන්තාව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර තිබේ. ඇගේ සැමියා ලංකාවට පැමිණ නැත. ඉන්දියානු බෝට්ටුවට ඉන්දියානු රුපියල් 5000 ක මුදලක් මේ ගමන සදහා ලබාදුන් බවද ඇය පවසා තිබේ.

    මන්නාරමේ වැලි දූපතකට ඇරලවා ඉන්දියානු බෝට්ටුව පිටව ගිය බවත් පසුව ලංකාවේ ධිවර බෝට්ටුවකින් මන්නාරමට තමන්ව රැගෙන පැමිණි බවත් එම කාන්තාව සදහන් කර ඇත. කාන්තාවගේ පියා ඒ වන විට රැදී සිට ඇත්තේ ලංකාවේය. ඔහු මේ අයට මග පෙන්වීමට මන්නාරමට පැමිණ සිට ඇති බවත් 07 වෙනිදා අලුයම් කාලයේදී වෑන් රථයකින් ඔහු මෙම පිරිස ගුරුනගර් හී නිවසට රැගෙන විත් තිබෙන බවත් පොලීසිය කියයි. එම නිවස 34 වියැති කාන්තාවගේ සහෝදරයා විවහා වී සිටින කාන්තාවගේ පවුලේ එකක් බවත් ඒ අය ජර්මනියේ වාසය කරන බවත් පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.