fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPකැලිෆෝනියා නව යොවුන් රූ රැජිණ කිරුළ ප්‍රථම වරට ශ්‍රී ලාංකික-අමෙරිකානු යුවතියකට

    කැලිෆෝනියා නව යොවුන් රූ රැජිණ කිරුළ ප්‍රථම වරට ශ්‍රී ලාංකික-අමෙරිකානු යුවතියකට

    ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නව යොවුන් රූ රැජිණ-2023 ලෙස ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික-අමෙරිකානු යුවතියක කිරුළු පැළඳ තිබේ.

    ඇය නමින් ටාලියා පීරිස් ය.

    මේ අනුව ඉදිරියේදී පැවැත්වෙන අමෙරිකානු නව යොවුන් රූ රැජිණ තරඟයට ඇය කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත ය.

    ටාලියා පසුගිය 29 වනදා පැවති කැලිෆෝනියා නව යොවුන් රූ රැජිණ වූයේ දින දෙකක් පුරා පැවැති තරග වට ගණනාවකින් අනතුරුවයි. ප්‍රාන්තය පුරා සිටින නව යොවුන් තරුණියන් 40 ඊට සහභාගි විය.

    අවසන් පූර්ව වටයේ තරගකරුවන් 15 දෙනකු තෝරා ගත් අතර, සෙසු තරගවලින් පසුව, විනිසුරුවන් විසින් හොඳම අවසන් තරගකරුවන් පස් දෙනා තෝරා ගන්නා ලදී. හොඳම අවසන් තරඟකරුවන් පස්දෙනා වේදිකාවේ එක් ප්‍රශ්නයකට පිළිතුරු දුන් අතර, පසුව ජයග්‍රාහකයා ලෙස ටාලියාට කිරුළ හිමි විය.

    ටාලියා වයස අවුරුදු පහේ සිට සැන් රමෝන්හි ජීවත් වේ. නැටුම්, පියානෝ වාදනය සහ බාලදක්ෂිකාවක ලෙස ඇය පාසලේදී දස්කම් පෑවා ය. ඇය නිතරම විලාසිතා සහ නිරූපණයට ද උනන්දු විය.

    උපාධිධාරිනියක වන ඇය ඇය සැන්ටා ක්ලාරා විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සූදානමින් සිටී. එහිදී ඇය ව්‍යාපාර විද්‍යාලයේ කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳ අධ්‍ය්‍යනය කරනු ඇත.

    ඇය විනෝදාස්වාද සපයන සමාගමක ව්‍යාපාරික විශ්ලේෂකයෙකු වීමටත් ව්‍යාපාර සහ පොප් සංස්කෘතිය සඳහා ඇයගේ ආශාවන් ඒකාබද්ධ කිරීමටත් අපේක්ෂා කරයි. ඇය මේ වන විටත් ඇයගේම සමාජ මාධ්‍ය අලෙවිකරණ සමාගමක් වන TAP Media හි හිමිකරු ලෙස ක්‍ෂේත්‍රයේ ඇයගේ සලකුණ තැබීමට පටන් ගෙන ඇත. ඇය සිය ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් සමඟින් තම ප්‍රජාවේ කුඩා ව්‍යාපාරවලට උපකාර කරයි.

    ඇය දැන් DJ කරන ආකාරය ඉගෙන ගනිමින් සිටි. ටාලියා සැමවිටම ප්‍රසංග කලාව හරහා තම අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රිය කරන්නීය. එමෙන්ම නිර්මාණාත්මක වෘත්තීන් සඳහා අන් අයව දිරිමත් කරයි.

    ඇය සිය සමාජ මාධ්‍ය ව්‍යාපාරය වන III Creatives (Inspiring Imagination & Inclusivity) ආරම්භ කළේ විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ නියෝජනයේ වැදගත්කම සහ සැමට ඉගෙන ගැනීමට සහ භුක්ති විඳීමට දෘශ්‍ය සහ ප්‍රාසාංගික කලා සම්පත් වෙත ප්‍රවේශ වීමේ වැදගත්කම ඉස්මතු කිරීමට ය.

    ‘Creative Convos with Taliya Peiris’ යන Instagram Live සමාජ ජාල සජීවී වැඩසටහන් මාලාව දිගටම කරගෙන යාමෙන්, ක්ෂේත්‍රයේ නැගී එන කලාකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් මෙන්ම සුදුසුකම් ලත් ශිෂ්‍ය කලාකරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීම සඳහා ශිෂ්‍යත්වයක් නිර්මාණය කිරීමෙන් ඇය මෙම වේදිකාව පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

    ඇය හමුවූ ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය පැවසුවේ
    ටාලියා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර කලාවේ සහ ඉන් ඔබ්බෙහි සබඳතා ගොඩනඟා ගැනීමට ඇගේ භූමිකාව භාවිතා කරන බවට ඇය විශ්වාස කරන බවයි. එමෙන්ම ටාලියාට අමෙරිකාවේ නව යොවුන් රූ රැජිණ ලෙස ජයග්‍රහණය කිරීමට සුබපැතුම් ද තානාපතිවරිය විසින් සිය සමාජ ජාල ගිණුම ඔස්සේ එක්කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.