හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබේ.
එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ බව නිවේදනය කර ඇත.
හැටන් කලාපයේ ප්‍රදේශවල මේ වනවිට පවතින අධික වැසි තත්වය හේතුවෙන් මතුව ඇති අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
නිරිත දිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, වයඹ සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං හමන බැවින් එම ප්‍රදේශවල ජනතාවට සැළකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
හෙට(05) පස්වරුව දක්වා මෙම තත්වය බලපෑ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.