අධි ඇසළ පොහොය දිනයක් අදට යෙදී තිබේ.
වසරේ පොහොය දොළහ හැඳින්වෙනුයේ බුදු සිරිත ප්‍රධාන ඓතිහාසික ශාසනික සිදුවීම් මුල් කරගෙන ය.
එහෙත් අධි පසළොස්වක පොහොය එබඳු ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නොවේ.
සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහකි.
‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි.