දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වේ.
ඒ සඳහා අද පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්විය.
පෙ.ව. 09.30 සිට ප.ව. 07.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.
විවාදය අවසානයේ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව සම්මත කිරීමට අදාළ ඡන්දයක් පැවැත්වීමට ද නියමිත ය.
මෙම ඡන්දයේදී ණය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය නිවේදනය කර තිබුණි.