තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගම්වලට අපහාස කරන්නනට වැට -නීති හදන්න කමිටුවක්

    ආගම්වලට අපහාස කරන්නනට වැට -නීති හදන්න කමිටුවක්

    ආගමික ඉගැන්වීම්වලට අපහාස කිරීම වැළැක්වීම සඳහා නීති රෙගුලාසි හඳුන්වා දීම වෙනුවෙන් ආගමින නායකයින් ප්‍රමුඛ කණ්ඩායමකින් සැදුම් ලත් කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි.

    ඒ අනුව බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගම්වල ආගමික නායකයින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් මෙම කමිටුව පත්කෙ‍රේ.

    ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමේ අවශ්‍යතාව පැනනැගීම නිසා රජය මෙම පියවර ගෙන තිබේ.

    බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලබා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img