තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුපිරි හෝටලයක් හදන්න ලංවිමේ මාවුස්සාකැලේ ඉඩමක් අරාබියට බද්දට දෙයි

    සුපිරි හෝටලයක් හදන්න ලංවිමේ මාවුස්සාකැලේ ඉඩමක් අරාබියට බද්දට දෙයි

    සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක්, එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමට දිගුකාලීන බදු පදනම මත ලබාදීමට රජය තීරණය කර තිබේ.

    ජනාධිපතිවරයා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ඒ පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    ඒ අනුව මෙම ඉඩම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදේ.

    ඒ, පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙසයි.

    එම ඉඩම තුළ හෝටල් සංකීර්ණයක් ඉදි කර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය ‍ඇමෙරිකානු ඩොලර් මිලියන 25කි.

    ඒ අනුව, අදාළ ආයතනවල එකඟතාව ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා ජනාධිපතිවරයා ඉහත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපපත් කර තිබුණි.

    Photo – File Photo

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img