තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

    අයවැය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

    අයවැය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් වශයෙන් ඩොලර් මිලියන 500ක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    අද දින රැස්වන කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කිරීමෙන් පසුව මෙම එකඟතාවට පැමිණෙනු ඇති බව ද එහි සඳහන් ය.

    මෙම මුදල, පසුගිය මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදගේ මුල්‍ය පහසුකම අනුමත කිරීමෙන් පසුව මෙරටට ලැබෙන විශාලතම අරමුදල් වාරිකයයි.

    පසුගිය සතියේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, ජූනි 28 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් ඩොලර් මිලියන 700ක් අනුමත කිරීමට ඉඩ ඇති බවය.

    එමෙන්ම එයින් ඩොලර් මිලියන 200ක් සුබසාධන වැඩසටහන් සඳහා වෙන් කෙරෙනු ඇති බවත්ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img