ඇතැම් පාර්ශ්ව අනුගමනය කරන ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතු බව චීනය කියාසිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත චාං ජුන් මහතා මේ බව පැවසුවේ, ජගත් මහා මණ්ඩලය 23 වැනිදා කැඳවූ ගෝලීය ත්‍රස්ත විරෝධී උපායමාර්ග පිළිබඳ විවාදයට එක්වෙමිනි.
ත්‍රස්තවාදය ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරන කාලීන අභියෝගයකි. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ දී පවතින සංකීර්ණ සහ බරපතල තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වශයෙන් ත‍්‍රස්ත මර්දන සහයෝගිතාව ශක්තිමත් කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව ද එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත චාං ජුන් මහතා කියාසිටියේය.
ත්‍රස්තවාදය කිසිවිටෙක හොඳ සහ නරක යනුවෙන් වෙන් කළ නොහැක. ඇතැම් රටවල්, තමන්ට තර්ජනයක් වන ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව සටන් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරමින්, සෙසු රටවලට හානි කරන ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වය නොසලකා හරින බවක් පෙනේ. එසේම, එමගින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ද ඔවුහු උත්සාහ දරති. ත්‍රස්තවාදය මැඬලීමේදී මෙවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බව චාං ජුන් මහතා අවධාරණය කළේය.