තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටම දන්නා පාවහන් ව්‍යාපාරයක හිමිකරුවෙකුගේ පුතෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

    රටම දන්නා පාවහන් ව්‍යාපාරයක හිමිකරුවෙකුගේ පුතෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

    මෙරට ප්‍රසිද්ධ සන්නාමයක් සහිත පාවහන් අලෙවි ව්‍යාපාරයක හිමිකරුවෙකුගේ පුතාගේ නිවසට අද උදෑසන 6.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

    මෙම ව්‍යාපාරික පුත්‍රයා පදිංචිව සිටින්නේ බොරැල්ල හරස් පාරේ පිහිටි නිවසකය.

    ටී 56 අවියකින් නිවස දෙසට වෙඩි තබා ඇති බවත් නිවසේ ගේට්ටුවට වෙඩි පහරවල් වැදී ඇති බවත් පොලීසිය කියයි.

    මෙම වෙඩි තැබීම බිය ගැන්වීමක් සඳහා කර ඇති බව සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img