තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අ'පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

    අ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

    අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙක් අතර ඊයේ (19) දහවල් ඇතිවුණු ගුටිබැට හුවමාරුවට අදාලව අනුරාධපුර රෝහලේ සේවයේ නිරතව සිටින ප්‍රසව හා නාරි රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාව අනුරාධපුර පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගත්තේය.

    ඊයේ දිනයේ රෝහල්ගතව සිටි විශේෂඥ වෛද්‍යවරයා අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ අනුරාධපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය තුලදීය.

    ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ සැළසුම් අධ්‍යක්ෂ වෛද්‍යවරයා සහ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා අතරය.

    විශේෂඥ වෛද්‍යවරයා අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ සැළසුම් අධ්‍යක්ෂ වෛද්‍යවරයා විසින් තමාට පහරදුන් බවට පැමිණිල්ලක්කර ඇත. සැළසුම් අධ්‍යක්ෂවරයා අනුරාධපුර පොලීසියට ගොස් තමාට ප්‍රසව හා නිරි විශේෂඥ වෛද්‍යවරයා විසින් පහරදුන් බවට පැමිණිල්ලක් කර තිබේ.

    මෙම පැමිණිලි දෙක සිදු කිරීමෙන් පසු වෛද්‍යවරු දෙදෙනාම ප්‍රතිකාර ගැනීමට අනුරාධපුර රෝහලට ඇතුලත්විය.

    දෙදෙනා අතර ගුටිබැට හුවමාරුව සිදුවන විට රෝහලේ රෝගීන් විශාල පිරිසක් සිට ඇත. ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවකින් අනතුරුවය. මේ හැම දෙයක්ම රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්දටද ඇසී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම ගුටිබැට හුවමාරුවට මුල් වී ඇත්තේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා නොමැතිව සිදුකලායැයි කියනු ලබන සැළසුමක් බව පොලීසියට ඔවුන් දෙදෙනා කළ පැමිණිලිවලින් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. රාජකාරියක් සම්බන්ධයෙන් වූ ගැටුමක් මෙසේ ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවද එම නිලධාරියා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img