හේන්වලින් කපාගෙන එන වියලි ගංජා තොග සඟවා තබාගෙන රටපුරා බෙදාහරිනු ලබන ගබඩායක් වැටලීමට ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් සමත්ව ඇත.
ඇඹිලිපිටිය රෝහලෙ පාරේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබේ.
මෙම ස්ථානය කාලයක් තිස්සේ සැකයක් ඇති නොවන ලෙස පවත්වාගෙන යාමට ජාවාරම්කරුවන් විසින් වගබලාගෙන ඇත. මෙම ස්ථානය ගැන පොලීසියට ලද තොරතුරකට අනුව වැටලීම කර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.
පොලීසිය එම ස්ථානය වටලන විටත් නිවෙස් හිමියා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් එහි රැදී සිට ඇත. දෙදෙනෙක් සිට ඇත්තේ ගංජා කිලෝ 01 ප්‍රමාණයේ පැකට්වලට අසුරමිනි.
ගංජා කිලෝ 1227යි ග්‍රෑම් 270ක් මෙහි තිබී හමුවී ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් ඇඹිලිපිටියේ පදිංචිකරුවන්ය. ඒ අය අතර රියදුරන් දෙදෙනෙක් සහ කොන්දොස්තරවරයෙක්ද සිටින බව පොලීසිය කියයි.
ඇඹිලිපිටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් මෙම වැටලීම කර ඇත. ගංජා හේනක් නොවන ස්ථානයකින් සොයාගත් වියලි ගංජා වැඩිම ප්‍රමාණය වන්නේ මෙය බව පොලීසිය කියයි.





