තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනිස් ඝාතනයකට සැකපිට නාකොටික් නිලධාරීන් 7ක් අත්අඩංගුවට

    මිනිස් ඝාතනයකට සැකපිට නාකොටික් නිලධාරීන් 7ක් අත්අඩංගුවට

    මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පහරදීමකින් මියයාමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරත නිලධාරීන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙක් මෙසේ පොලිස් අත්අඩංගුවේදී පහරදීමකින් මිය යන්නේ පසුගිය ජනවාරි 10 වෙනිදාය.

    හික්කඩුව තෙල්වත්තේ පදිංචිකරුවෙක් වූ 41 හැවිරිදි එම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.

    එහිදී අනාවරණය වන්නේ නාරාහේන්පිටදී අත්අඩංගුවටගත් සැකකරුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පොලිස් බැරැක්කයකට රැගෙන විත් පහරදී ඇති බවය. පහරකෑමෙන් අසාධ්‍ය වූ ඔහු මිය යන්නේ කොළඹ ජාතික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img