තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්දෙ 'මිහිඳු පොසොන් පෙරහර' 15 වැනිදා

    මහින්දෙ ‘මිහිඳු පොසොන් පෙරහර’ 15 වැනිදා

    ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශය වාර්ෂිකව සංවිධානය කරන “මිහිඳු පොසොන් පෙරහර -2023” ලබන 15 වැනිදා උදෑසන වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

    විදුහල්පති අතුල විජේවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානී සහකාර විදුහල්පති සාලිය ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි ප්‍රාථමික අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීමෙන් මෙවරත් අති උත්කර්ෂවත් ලෙස මිහිඳු පොසොන් පෙරහර සංවිධානය කර තිබේ.

    උඩරට හා පහතරට නැටුම්වලින් විචිත්‍රවත් වන මිහිඳු පොසොන් පෙරහර පොසොන් පොහොයට සමඟාමීව ගාල්ලේ පාසලක් විසින් සංවිධානය කරන ප්‍රධානම පෙරහර ලෙස සැළකෙයි.

    මහින්ද විද්‍යාලයෙන් ආරම්භවන පෙරහර මෙවර අලපලාව මංසන්ධියෙන් වක්වැල්ල පාර ඔස්සේ මිනුවන්ගොඩ මංසන්ධිය දක්වා ගමන් කොට එලියට් පාර ඔස්සේ නැවත විද්‍යාලයට පැමිණීමට නියමිතය.

    පෙරහරට එක්වන මිහිඳු පුතුන් වෙනුවෙන් “මිහිඳු අපි 2003” කණ්ඩායම සිසිල් බීම දන්සලක් ද පවත්වයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img