තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව

    වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව

    බදු ගෙවීම ඩොලර්වලින් අයකරගනිමින් වාහන ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳ යෝජනාවක්, බදු ආදායම වැඩිකිරීම සහ විනිමය ආරක්ෂා කිරීම පිළිබඳ රජය සකස් කරන වාර්තාවට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී විමසු පැනයකට පිළිතුරු දෙමිනි.

    ගෙවුණු වසර 5 තුළදී රටේ ජනගහනයෙන් සෑම 5කගෙන් එක් අයෙකු විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බවට පවතින දත්තවලින් පෙනී යන්නේ යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී කීය.

    ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවය.

    2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714කි.

    එම වාහන ඉන්දියාව, ජපානය, චීනය ප්‍රමුඛ රටවල් 68කින්  ආනයනය කර ඇත.

    100කට ආසන්න විදේශ මෝටර් රථ සමාගම්වලින් අදාළ වාහන මෙරටට ගෙන්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img