fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 3කට නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් 3කට නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් 3කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් හෙට දිනයට ද බලපැවැත්වෙන පරිදි අද පස්වරු 2.30ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම අනතුරු ඇඟවීම කර ඇත.

    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, අගලවත්ත, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය සභාව, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව ප්‍රාදේශීය සභාව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය සභාවට මෙම නායයාම් අනතුරු ඇඟවීම කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.