තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙසක් දන්සැල් දහසක කෑම ඉවත් කරලා - 3000ක කෑම හොඳ නෑ

    වෙසක් දන්සැල් දහසක කෑම ඉවත් කරලා – 3000ක කෑම හොඳ නෑ

    පසුගිය වෙසක් පොහාය වෙනුවන් දිවයින පුරා පැවැත්වූ දන්සැල්වලින් 1,007 ක ආහාර ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    රටපුරා දන්සැල් 9,182 ක් පවත්වා ඇති අතර ඉන් දන්සැල් 3,707 ක තත්ත්වය අසතුටුදායක වූ බවද එම සංගමය කීය.

    එහි සභාපති උපුල් රෝහණ ඉල්ලා සිටින්නේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන සියළුම දන්සැල් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

    එමෙන්ම පොසොන් දන්සැල් ද අඛණ්ඩව පරීක්ෂා කිරීම් සිදුකරන බවද ඔහු පැවසුවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img