තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යෝජනාව සම්මතයි -ජනක රත්නායක ඉවතට -තමන්ට වෙන දේ ජනක බලා හිටි හැටි

    යෝජනාව සම්මතයි -ජනක රත්නායක ඉවතට -තමන්ට වෙන දේ ජනක බලා හිටි හැටි

    මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 46කින් සම්මත වී තිබේ.

    එම යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 77ක් පමණි.

    ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ තමා තනතුරින් ඉවත් කිරීමට අදාළව අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදය නරඹන ජනක රත්නායක මහතායි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට සෙසු කොන්දේසි සපුරා තිබියදී අවසාන කොන්දේසියක් වූ විදුලි බිල වැඩිකිරීමට රජය ගෙනැවිත් තිබූ යෝජනාවක් කොමිසමේ අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීමට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img