තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් නිල ඇඳුම් දීම ගැන පණිවුඩයක්

    පාසල් නිල ඇඳුම් දීම ගැන පණිවුඩයක්

    පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

    දේශීය සැපයුම්කරුවන් සැපයු නිල ඇඳුම් රෙදි මීටර 3,831,000ක ප්‍රමාණයෙන් මේ වනවිට තිස් පන් ලක්ෂ හැට එක් දහසක් බෙදා දී ඇති බව සඳහන් වේ.

    ඉන් ඉතිරි ප්‍රමාණය වන මීටර් 27000ක ප්‍රමාණය අවසන් අදියර යටතේ ගාල්ල, කළුතර, හලාවත යන ප්‍රදේශවල මේ වනවිට බෙදා දෙමින් පවති.

    එහිදී පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර් එක් කොටී විසි හය ලක්ෂ අනු හතර දහසකි.

    පාසල් ළමුන් ලක්ෂ 42 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img