තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුජිබර්ගේ මාළිගාවත්ත කාර්යාලයට හොරු පනී

    මුජිබර්ගේ මාළිගාවත්ත කාර්යාලයට හොරු පනී

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතාගේ මාලිගාවත්තේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලය හොරු බිඳ ඇත.

    මෙම කාර්යාලය පිහිටා ඇත්තේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේය.

    මුජබර් රහුමාන් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඊයේ (22) පැමිණිලිකර තිබේ.

    කාර්යාලයේ ඉදිරිපස දොර කඩා සොරාගෙන ගොස් ඇත්තේ එහි සවිකර තිබුණු රුපියල් 50,000ක් පමණ වටිනා අගල් 36 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් බවද පොලීසිය කියයි.

    මෙම කාර්යාලය හොරු බිඳ ඇත්තේ පසුගිය 20 වෙනිදා රාත්‍රී 7.00ත් පෙරේදා (22) උදෑසන 8.45ත් අතර කාලය තුළදී බව මාලිගාවත්ත පොලීසිය සඳහන් කරයි.

    මෙම සොරකම සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img