තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොඛා ගියත් ෆාබියෙන් ඇවිත් - මුහුද අවදානම්

    මොඛා ගියත් ෆාබියෙන් ඇවිත් – මුහුද අවදානම්

    දකුණු අක්ෂාංශ 06 – 13 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 70-76 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙයි.

    දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට කාලගුණ විද්‍යාඥයෝ දන්වා සිටිති.

    නිරිතදිග දකුණු-ඉන්දියන් සාගරයේ ‘ෆාබියෙන්’ නිවර්තන සුළි කුණාටුව, 2023 මැයි 17 දින පෙ.ව. 02.30 වනවිට 8.3S, 74.0E ආසන්නයේ කේන්ද්‍රගතව පිහිටා තිබුණි. එය බටහිරට බරව-නිරිත දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දකුණු අක්ෂාංශ 07 ත් 11 ත් සහ නැගෙනහිර දේශාංශ 70 සහ 76 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (80-120) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (150-160) පමණ දක්වා වැඩිවිය හැක.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img