තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේවගැති ජෙරොම් රටින් පනී - අධිකරණයෙන් ගුව න් ගමන් තහනමක්

    දේවගැති ජෙරොම් රටින් පනී – අධිකරණයෙන් ගුව න් ගමන් තහනමක්

    බුදුරජාණන් වහන්සේට අපහාස වන ප්‍රකාශයක් මහනුවරදී සිය අනුගාමිකයින්ට පවසමින් ආගමික සන්හිදියාවට හානිවන අයුරින් ප්‍රකාශ කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රටින් පලා ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

    සිය අනුගාමිකයින් පිරිසක් සමග පසුගිය ඉරිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගිය දේවගැති ජෙරොම් ඊයෙ අළුයම් කාලයේ සිංගප්පූරු බලා පිටත් වූ ගුවන් යානයේ නැගී පලාගොස් තිබේ.

    මෙසේ ඔහු රටින් පලා යන්නේ තමාට එරෙහිව ජනපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ වන බව දැනගෙන දැන් සැකයක් මතුව තිබේ.

    මෙසේ රටින් පලා ගිය ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව අධිකරණයෙන් ලබා ගත්තේය..

    ගුවන්ගමන් තහනම හේතුවෙන් රටින් මේ වන විට පළාගොස් සිටින මෙම දේවගැතිවරයා නැවත මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව උසස් පොලිස් පොලිස් නිලධාරියෙක් සදහන්ය කළේය.

    මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට මුල්වන්නේ බෞද්ධයන් කැළඹිමකට ලක්වන ආකාරයයෙන් ඔහු විසින් කළ ප්‍රකාශක් ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ගුරු මාරු වීමට පටන් ගැනීමත් සමගිනි.

    ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයකට මෙම වීඩියෝ දර්ශනය ලක්වන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් පවා නිකුත් කරනු ලැබීය.

    වගකීම් විරහිත හිතළු ප්‍රකාශ හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිචදියාවට බලපෑම් විය හැකි බැවින් අදාල දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img